පාකිස්තානය, ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 23ක් පානීය ජල සුරක්ෂිතභාවය අතින් පහළ මට්ටමක සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය ජල සුරක්ෂිතා වාර්තාවකින් හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
වසර 2023 ගෝලීය ජල සුරක්ෂිතතා තක්සේරුවක් ලෙස නිකුත් කර ඇති එම වාර්තාවට අනුව පාකිස්තානයේ ඒක පුද්ගල ජල ධාරිතාව පසුගිය වසර 70 ඇතුළත 80%කින් පහත වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ලබන වසර වන විට පාකිස්තානය උග්‍ර ජල හිඟයකට මුහුණ දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මෑතකදී අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. එරට ශීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනය ඊට ප්‍රධානතම සාධකය බව ද අනාවරණය වී තිබේ.
ලොව පුද්ගලයන් 4 දෙනකුගෙන් තිදෙනකුම ජල අනාරක්ෂිත කලාපයේ ජීවත්වන බවත්, පානීය ජල හිඟය, සනීපාරක්ෂක ගැටලු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන බවත් එම වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව ලොව රටවල් අතරින් ජල සුරක්ෂිතතාව අතින් ඉහළම මට්ටමක සිටින රට ස්වීඩනය බවත් තවත් රටවල් 32ක් එම වර්ගීකරණයට ඇතුළත් වන බවත් වාර්තා වේ.