ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

වසර දහයකින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බව ඔහු සඳහන් කළේය.
මෙසේ ජනගහනය පහළ යෑමේ ප්‍රතිශතය .06% ක් වේ.

මේ අනුව කාන්තා ජනගහනය හැත්තෑ දහසකින්ද පිරිමි ජනගහනය හැත්තෑ හතර දහසකින්ද අඩුවී ඇති බව ඒ මහතා සඳහන් කලේය.

මේ අතර පසුගිය වසරේදී උපත් ප්‍රමාණය ඊට කලින් වසරට සාපේක්ෂව 27421කින් පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා මරණ සංඛ්‍යාවද 1447කින් වැඩි වී ඇතැයි කියා සිටියේය.

එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස 8% කි. රටේ විවාහ සංඛ්‍යාවද 19784කින් පහළ ගොස් ඇතැයි එම මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

Share.

Comments are closed.