ලංකාවේ පැවැති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය. කසකස්ථානය පරාජය කරමින් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගත්හ.

මෙවන් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ලබා ගත්තේ වසර එකොලහට පසුව වීම විශේෂත්වයකි.
ජයග්‍රාහී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය.

යෞවන කටයුතු ක්‍රීඩා සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යය සිදු විණි.

සුයොරු ඇන්තනීගේ නායකත්වයෙන් තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස තරින්ද රත්වත්ත කටයුතු කළ අතර, සනත් මාටිස් ප්‍රධාන පුහුණුකරු ලෙසත්, දුෂ්‍යන්ත් ලෙව්කේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙසත්, නිල්ෆර් ඉබ්‍රාහිම් පසුපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙසත් කටයුතු කරනු ලැබීය.

ශ්‍රීලංකාව, ඉන්දියාව, කසකස්තානය සහ කටාර් යන කණ්ඩායම් හතර පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියට එක්විය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තරගය ආරම්භයේ සිට අවසානය දක්වා රැදී සිටි අතර වසර ගණනකට පසු මෙවන් ජයග්‍රහණයක් ලබා ශ්‍රීලංකා රග්බි කණ්ඩායමට සුබ පැතුම් එක් කරනු ලැබීය.

Share.

Comments are closed.