ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණෙනි.

නව තරග ගාස්තු අනුව එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකෙරෙනු ඇත.

ඒ අනුව ක්‍රීඩකයෙකුට ටෙස්ට් තරගයකින් අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමි වේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 44කට ආසන්න වේ.

Share.

Comments are closed.