බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.

බර්නාඩ් හිල් ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වූයේ, සම්මානනීය ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට මාලාවේ රෝහාන් හි තියෝඩන් රජු ලෙසත්, ජේම්ස් කැමරන් අධයක්ෂණය කළ සම්මානනීය ටයිටැනික් චිත්‍රපටයේ ටයිටැනික් නැවේ කපිතාන් එඩ්වඩ් ස්මිත් ලෙසත් කළ රංගනය හේතුවෙනි.

බර්නාඩ් හිල් උපත ලැබුවේ 1944 දෙසැම්බර් 17 වැනිදාය. බර්නාඩ් හිල් විවාහ වූයේ රංගන ශිල්පිනියක වන ජනප්‍රිය මරියානා සමග වන අතර ඔවුන්ට පුතෙක් සිටී.

බර්නාඩ් හිල් චිත්‍රපට නළුවකු පමණක් නොව, රූපවාහිනී නළුවකු ද වේ. The Gost & the darkness , ස්කෝපියන් කිංග් යන චිත්‍රපවලට ද ඔහු රංගනයෙන් දායක විය.

Share.

Comments are closed.