වීසා නිකුත් කිරීමට අදාළව G.B.S. Technology Service, I.V.S. Global සහ V. F.S. World wide holdings සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදිරියට ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සඳහන් කලේය.

වීසා නිකුත් කිරීමේදී ගැටලු ඇති වීමට හේතු වූයේ පද්ධතියේ ඇතිවූ ප්‍රමාදය සහ  තාක්ෂණික දෝෂ නිසා බව හෙතෙම පැවසීය. එම තාක්ෂණික දෝෂ නිරාකරණය කිරීමෙන් පසුව ලබන සතියේදී නැවතත් පද්ධතිය බලාත්මක කරන බවත් වියානි ගුණතිලක මහතා පැවැසුවේය.
ඒ සඳහා නිශ්චිත දිනයක් ලබා දීම වියානි ගුණතිලක මහතා ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ ආගමන කටයුතු හසුරුවන ඉන්දියානු කාර්ය මණ්ඩලය තම විදේශීය බිරිඳට වීසා බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි මගියකුගේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය තුළ පළ වීමත් සමග පසුගියදා ආන්දෝලනාත්මක තත්වයක් හට ගත්තේය.

Share.

Comments are closed.