“Health On Wheels ” ට්‍රක් රථ 3ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපන් රජය පසුගියදා කටයුතු කළේ ය.

එක්සත්  ජාතින්ගේ ජනගහන අරමුලේ (UNFPA) ව්‍යාපෘතියක් ලෙස සිදුවන මෙම කාර්යය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ජපන් රජයයි.

ට්‍රක් රථ 3 මෙරටට නිලවශයෙන් භාර දීම පසුගියදා සේරම් පෙදෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී සිදුවිණි. මෙම ට්‍රක් රථ තුනෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් 380.000කි.

ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව සැපයීම මෙම ට්‍රක් රථ මෙරටට ලබා දීමේ අරමුණයි.

“Health on Wheel” යනු අත්‍යවශ්‍ය මාතෘ,අලුත උපන් සහ නාරිවේද සේවා සැපයීම සඳහා නිර්මාණය කර ඇති ජංගම සෞඛ්‍ය ඒකකයකින් යුතු රථ විශේෂයකි.

Share.

Comments are closed.