අසිරිමත් සම්බුදු තෙමගුල සිහි කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2024 – ඩුබායි වෙසක් මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතී.

වසර ගණනාවක් පුරා මෙම වෙසක් මංගල්‍යය පැවැත්වූයේ ශෙයිකා ලතීෆා ක්‍රීඩාංගනයේය. නව මුහුණුවරක් ගනිමින් මෙවර වෙසක් මංගල්‍ය​ය මැයි 18 වන සෙනසුරාදා සවස 5.00 සිට පවත් වන්නේ ඩුබායි , අල් කූස් හි Springdales පාසල් ක්‍රීඩාංගනයේදීය.

වෙසක් අසිරිය ලොවට විදහා පාමින් වෙසක් පහන් කූඩු, බොදු බැති ගී, වෙසක් නාට්‍ය හා දන්සල් සමගින් මෙවර වෙසක් මංගල්‍යය සැදැහැ සිතින් සැමරීමට සංවිධායක මණ්ඩලය සූදානම් වෙති.

මෙම සද්කාර්යය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත, ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය විසිනි. ඩුබායිහි ක්‍රියාත්මක වන සියලුම ශ්‍රී ලාංකි​ක කලා ආයතන, ශ්‍රී ලාංකි​ක ස්වෙච්ඡා ආයතන හා ශ්‍රී ලාංකි​ක වෘත්තී​ය සංවිධාන විසින් මේ සඳහා පූර්ණ සහයෝගය ලබා දේ.

Share.

Comments are closed.