එක්සත් අරාබි රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලාංකික පිහිනුම් පුහුණු ආයතනයක් වන Cyclone Swimming Academy විසින් පිහිනුම් ශූරතා තරඟාවලියක් සංවිධානය කර තිබේ. මෙවැනි තරඟාවලියක් ඩුබායි නගරයේ දී සංවිධානය වන්නේ ප්‍රථම වරටයි. Cyclone Swimming Academy ය  2023  වසරේ ආරම්භ වන්නේ එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පිහිනුම් අධ්‍යාපනය ලබා දීම ඉලක්ක කරමිනි.

මැයි මස 12 වන දා Hamdan Sports Complex හි දී පැවැත් වීමට නියමිත මෙම තරඟාවලිය පෙ.ව. 8.00  සිට ආරම්භ වේ. ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රමිතිය සහිත පිහිනුම් තටාකයක උසස් තරඟ අත්දැකීමක් විඳ ගැනීමට ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩයන්ට මෙම ඉසව්ව හරහා අවස්ථාව හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත පැමිණෙන 50 කට ආසන්න පිහිනුම් තරඟකරුවන් හා එමීර් රාජ්‍යයේ වෙසෙන පිහිනුම් තරඟකරුවන් රැසක් ද මීට එක් වීමට නියමිතය. විදෙස් පිහිනුම් ශූරයන් සමඟ නවක ක්‍රීඩකයින්ට කරට කර ක්‍රීඩා කිරීමේ මහඟු අවස්ථාව මින් උදා වේ.

Cyclone Swimming Academy ය සඳහා මෙම තරඟාවලියට Dubai Sport Council  සහ  Sri Lanka Aquatic Sports Union හි අනුමැතිය හිමිවී තිබීමද විශේෂත්වක්. එසේම ශ්‍රී ලංකා, ඩුබායි කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතාගේ නිරන්තර උපදේශනය හා ආශිර්වාදය මේ සඳහා නොමදව හිමි වන අතර  එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් රැසකගේ අනුග්‍රාහකත්වය සමඟ තරඟාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ඩුබායි ලංකා නිව්ස් මාධ්‍ය ජාලයයි.

Share.

Comments are closed.