නවසීලන්ත ක්‍රීඩක කොලින් මන්රෝ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ඔහුව නම් කර නොමැති අතර ඒත් සමඟම ඔහු මෙම තීරණය ගෙන තිබේ.

37 හැවිරිදි මන්රෝ ජාත්‍යන්තර විස්සයි 20 තරග 65ක්, එක්දින තරග 57 ක් හා එක් ටෙස්ට් තරගයක් නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3,010 කි.

ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කර ඇත්තේ 2020 වසරේ දී ය.
විස්සයි 20 ජාත්‍යන්තර තරගවලදී ශතක 3ක් රැස් කර ඇති එකම නවසීලන්ත පිතිකරු වන්නේ කොලින් මන්රෝය.

ඔහු 2014 හා 2016 වසරවලදී පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි සදහා වන නවසීලන්ත සංචිතයට මෙන්ම 2019 වසරේ පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ද ඇතුළත්ව සිටි බව සඳහන් වේ.

Share.

Comments are closed.