ඔසාකා ගෝන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවලියට  ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ත්‍රිත්වයක්

ජපා­නයේ ඔසා­කා­හිදී හෙට (12) ආර­ම්භ­ වන ඔසාකා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා ශූර­තා­ව­ලියේ කාන්තා මීටර් 400 ඉසව්ව නියෝ­ජ­නය කරන නදීෂා රාම­නා­යක ශ්‍රී ලංකා වේලා­වෙන් පෙර­වරු 9.25ට, පිරිමි මීටර් 400 ඉසව්ව වෙනු­වෙන් කාලිංග කුමා­රගේ ශ්‍රී ලංකා වේලා­වෙන් පෙර­වරු 9.15ට සහ කාන්තා මීටර් 800 ඉස­ව්වට තරුෂි කරු­ණා­රත්න ශ්‍රී ලංකා වේලා­වෙන් රාත්‍රි 10.45ට තරග බිමට පිවි­සෙති.

ලබන ජූලි මාසයේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැ­ත්වෙන ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සුදු­සු­කම් ලබා­ගැ­නීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට ලැබෙන දෙවැනි අව­ස්ථාව මෙය වේ. මෙහිදී නදීෂා රාම­නා­යක, කාලිංග කුමා­රගේ හා තරුෂි කරු­ණා­රත්න සිය හොඳම දක්ෂතා ප්‍රද­ර්ශ­නය කිරීමේ අපේ­ක්ෂා­වෙන් පසු වෙති.

පසු­ගිය ආසි­යානු ශූර­තා­ව­ලියේ රන් පද­ක්ක­ම්ලාභී නදීෂා රාම­නා­ය­කට මීටර් 400 කාන්තා ඔලි­ම්පික් සඳහා සුදු­සු­කම් ලැබීමේ පරි­සා­ධන මට්ටම වෙත ළඟා­වී­මට තත්පර 50.95කින් ධාව­නය නිම­කළ යුතු වේ. ඇය මෙයට දින කිහි­ප­ය­කට පෙර ඩුබායි ග්‍රොන් ෆ්‍රී මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී තත්පර 53.82කින් තර­ගය නිම කොට දෙවැනි ස්ථාන­යට පත් වූවාය. ඇය මෙයට පෙර මේ ඉසව්වේ පුහුණු තර­ග­ය­කදී තත්පර 53.22කින් මීටර් 400 නිම කළ අතර, පසු­ගිය වසරේ තායි­ල­න්තයේ පැවති ආසි­යානු ශූර­තා­ව­ලි­යේදී තත්පර 52.61ක දක්ෂ­තා­වක් දැක්වූ­වාය.

ආසි­යානු ක්‍රීඩා උලෙළේ රන් පද­ක්ක­ම්ලාභී තරුෂි කරු­ණා­රත්න මීටර 800 කාන්තා ඉසව්ව මිනිත්තු 1:59.30කින් නිමා කිරී­මට සමත් වුව­හොත් ඇයට ඍජුව ඔලි­ම්පික් සුදු­සු­කම් ලැබීමේ අව­ස්ථාව උදා වේ. තරුෂි මෙයට දින කිහි­ප­ය­කට පෙර ඩුබායි ග්‍රොන් ෆ්‍රී මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී ධාව­නයේ යෙදී සිටින අත­ර­තුර තර­ග­යෙන් ඉවත් වූවාය.

කාලිංග කුමා­රගේ පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 45.00කින් නිම කිරී­මට සමත් වුව­හොත් ඔලි­ම්පික් උලෙ­ළට සුදු­සු­කම් ලබා ගැනීමේ අවස්ථා උදා­කර ගනී. කාලිංග පසු­ගිය වසරේ කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවැති ජාතික මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී මීටර් 400 ඉසව්ව තත්පර 45. 07කින් නිම කිරී­මට සමත් විය. ඔහු පැරිස් ඔලි­ම්පික් පරි­සා­ධන මට්ටම ආස­න්නයේ සිටින බැවින් විශේෂ බලා­පො­රො­ත්තු­වක් ඔහු පිලිබද තිබේ.

ඔසාකා ග්‍රොන් ෆ්‍රී මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය සඳහා ශ්‍රී ලංකා පුහු­ණු­ක­රු­වන් ලෙස සුසන්ත ප්‍රනාන්දු සහ විමුක්ති සොයිසා සහ­භා­ගිවී සිටින අතර, හෞතිත චිකි­ත්සක ලෙස බුද්ධික ජය­රත්න මහතා කණ්ඩා­යම සමඟ ජපා­න­යට පිටත්ව ඇත.

Share.

Comments are closed.