2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීම ඊයේ රාත්‍රියේ සිදු කෙරිණි.

ඒ වෙනුවෙන් මෙවර අනුග්‍රාහකත්වය ලබා දුන්නේ මූස් ආයතනයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළි දක්වනු ලැබුවේ ජා-ඇල මූස් ආයතන පරිශ්‍රයේ පැවති උත්සවයකදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්, මූස් ආයතන නිලධාරීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ඩී කාණ්ඩයෙන් තරග කරයි.

ඔවුන් සහභාගී වන  පළමු තරගය ලබන මස 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතය.

Share.

Comments are closed.