වසර 08 කට පසු මේ වසරේ දිවයිනේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගෝල විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය තිලක් විජයතුංග බණ්ඩාර මහතා සඳහන් කලේය.

දේශගුණික හේතු කිහිපයක් හේතුවෙන් මෙවර උෂ්ණත්වය මෙසේ ඉහළගොස් තිබේ.
උතුරු , උතුරු මැද හා නැගෙනහිර පළාත් වල පසුගිය සතියේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ ගිය බව සඳහන් වේ.

අවසන් වරට මෙවැනි ඉහළ උෂ්ණත්වයක් වාර්තා වූයේ 2016 වසරේදීය.
මෙරට උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 27ත් 29 අතර වන බව ඔහු පැවසීය.

උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පසුගිය දිනවල ජනතාව දැඩි පීඩාවට පත් වූ අතර ඊට මුහුණදීම සඳහා ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.