Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»එමීර් රාජ්‍යයේ ඉදිරි කාලගුණ අනාවැකිය
Weather

එමීර් රාජ්‍යයේ ඉදිරි කාලගුණ අනාවැකිය

kumudikaBy kumudikaMay 13, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NMC) විසින් 2024 මැයි 13 සඳුදා සිට මැයි 17 සිකුරාදා දක්වා ආවරණය වන පරිදි ඉදිරි සතිය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර ඇත. මෙම පුරෝකථනය මඟින් කලාපය පුරා අපේක්ෂිත කාලගුණ රටා සහ තත්ත්වයන් පිළිබඳ වැදගත් අවබෝධයක් ලබා දේ. පුරෝකථනය කර ඇති කරුණු මත පදනම්ව දැනුවත්ව සිටින ලෙස සහ අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස නිවැසියන්ට සහ සංචාරකයින්ට උපදෙස් දෙනු ලැබේ.

සඳුදා කාලගුණය – (මැයි 13) වෙරළබඩ ප්‍රදේශවල  ආර්ද්‍රතාවය සමඟ උදෑසන මීදුම ඇතිවීමේ හැකියාවක් පවතී. නැගෙනහිරින් වලාකුළු සහිත අර්ධ වශයෙන් වළාකුළු පිරි අහසක් දැකිය හැක. උෂ්ණත්වය ඉහළ යාමක් අපේක්ෂා කෙරෙන අතර සුලං මධ්‍යස්ථ මට්ටමින් ගිනිකොන සිට ඊසාන දෙසට හමා යයි. සුළගේ වේගය: 10 – 20 km/hr, සමහරවිට 30 km/hr දක්වා ළඟා විය හැක. අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුද මදක් රළු වනු ඇත.

අඟහරුවාදා කාලගුණය – (මැයි 14)
අර්ධ වශයෙන් වළාකුළු සහිත අහසක් දැකිය හැකි අතර සංවහන වලාකුළු සමඟින් සවස් වරුවේ නැගෙනහිර දෙසට වැසිබර කාලගුණක් ඇති වේ. සමහර විට වර්ෂාපතනයක් අපේක්ෂා කිරීමට සිදු වේ. සුළඟ මධ්‍යස්ථව ගිනිකොන සිට ඊසාන දෙසට හමන අතර වේගය 10 – 25 km/hr, 35 km/hr ළඟා වේ.  දූවිලි සමඟ මෙම සුළං ඇති වීමට හැක.

බදාදා කාලගුණය – (මැයි 15)

අහස අර්ධ වශයෙන් වළාකුළු සහිත වේ. සංවහන වලාකුළු සමඟින් සවස් කාලයේ නැගෙනහිර දෙසට වර්ෂාපතන නිර්මාණය කෙරේ. සුළඟ මධ්‍යස්ථව ගිනිකොන සිට ඊසාන දෙසට හමා යයි. සුළඟේ වේගය 10 – 25 km/hr, 35 km/hr ළඟා විය හැක.  අරාබි බොක්ක මධ්‍යස්ථ අතර ඕමාන් මුහුද මදක් රළු ස්වභාවයක් ගනී.

බ්‍රහස්පතින්දා කාලගුණය – (මැයි 16)

අර්ධ වලාකුළු සහිත අහසක් දැකිය හැක. දහවල් වන විට කඳුකරයට ඉහළින් සංවහන වලාකුළු ඇතිවීමේ හැකියාව පවතී. සුළඟ මධ්‍යස්ථව ගිනිකොන සිට ඊසාන දෙසට හමා යයි. සුළං වේගය 10 – 25 km/hr, 35 km/hr ළඟා විය හැක. දූවිලි සුළං ඇති විය හැක. අරාබි බොක්ක මධ්‍යස්ථ වන අතර ඕමාන් මුහුද මදක් රළු වේ.

සිකුරාදා කාලගුණය – ( මැයි 17)

අර්ධ වශයෙන් වළාකුළු සහිතය. සංවහන වලාකුළු නැගෙනහිර දෙසට නිර්මාණය වේ. සුළඟ මධ්‍යස්ථව ගිනිකොන දෙසින් වයඹ දෙසට හමා යයි. සුළගේ වේගය 15 – 25 km/hr, පැයට කිලෝමීටර 40 දක්වා ළඟා විය හැක. සුළං සමඟ දූවිලි හා වැලි හමා යාමට හැක.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහන ක්‍රමයට වාහන බලපත් ඉල්ලති
Next Article රුසියාවට නව ආරක්ෂක අමාත්‍යවරයෙක්
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.