ඉන්දියාවේ මහ මැතිවරණය අදියර හතකින් පැවැත්වෙන අතර එහි සිවුවැනි අදියර අද (13) ආරම්භ වේ. සිවුවැනි අදියරේ දී ඉන්දීය ලොක් සභාවට නියෝජිතයන් 96 දෙනකු තෝරා ගැනීම සිදු කෙරේ. ඊට ප්‍රාන්ත නවයක් සහ ඉන්දීය ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින යූනියන් ප්‍රදේශයක් ඇතුලත් වේ.

මුළු මැතිවරණයම පැවැත්වෙන්නේ ලොක් සභාවේ නියෝජිතයන් 543 දෙනකු තෝරා ගැනීමේ සඳහාය. ඉන්දීය මහ මැතිවරණය ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පටිපාටිය ලෙස සැලකේ. මැතිවරණය ආරම්භ වූයේ අප්‍රේල් 19 වැනිදාය. ජූනි 1 වැනිදා මැතිවරණ කටයුතු අවසන් වන අතර එසැණින් ඡන්දය ගණන් කිරීම සිදු වේ.  මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි හතර වැනිදා සිදුවනු ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් තරඟ වදිති. මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ 2014 වසරේ සිටය. මෙම මහ මැතිවරණයේදී මිලියන 969 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

Share.

Comments are closed.