ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ඊට අදාළ ඇනවුම මේ වන විට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබා දී ඇත. ඖෂධ සඳහා ව්‍යාජ ලියාපදිංචි සහතික නිකුත් කිරීම වැළැක්වීම එහි අරමුණය.

මේ අනුව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවන සෑම ඖෂධයක් සඳහාම විශේෂිත ස්ටිකරයක් ලබාදීමට නියමිත වේ.

මාසයක් ඇතුළත එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.

Share.

Comments are closed.