සිංගප්පූරුවේ දීර්ඝ කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ලී සියෙන් ලූන්ග් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ ඔහුගේ දේශපාලන දිවියේ අවසානය සනිටුහන් කරමිනි. වසර 20 ක බලයෙන් පසු, ලී මහතා අද(15) නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් වෙත නිල වශයෙන් පාලනය භාර දෙන බව සඳහන්ය.

1965 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ දා සිට සිංගප්පූරුවට සිටියේ අගමැතිවරු තිදෙනෙක් පමණි. ඒ තිදෙනාම පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයෙන් (PAP) එනම් ලී මහතාගේ පක්ෂයෙන් තේරී පත්වූ අය වූහ.

පළමු අගමැති වූයේ නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස ලෙස සැලකෙන සහ වසර 25 ක් රට මෙහෙයවූ ලී ගේ පියා වන ලී ක්වාන් යූ මහතාය.

ලී 1984 වසරේ දී පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට එක් වූයේ ඔහුගේ පියා බලයේ සිටියදීය. 2004 දී සිංගප්පූරුවේ නායකත්වය ගැනීමට පෙර සිංගප්පූරුවේ දෙවන අගමැති ගෝ යටතේ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට කටයුතු කළේය.

ඔහු බලයට පත්වූ පසු ඔහුගේ අධීක්ෂණය යටතේ, සිංගප්පූරුවේ ආර්ථිකය විවිධාංගීකරණය වී වර්ධනය විය. සිංගප්පූරුව ජාත්‍යන්තර මූල්‍ය බලාගාරයක් සහ ඉහළම සංචාරක ගමනාන්තයක් බවට පරිවර්තනය වුණි.

එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසර 20 තුළ දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ.
ගෝලීය මූල්‍ය අර්බුදය සහ කෝවිඩ් වසංගතය හරහා රට නිසි ලෙස මෙහෙයවීම සම්බන්ධයෙන් ලී ගේ රජයට ගෞරවය හිමි වන බව බොහෝ දෙනාගේ මතයයි.

ඒ අනුව දශක දෙකකට වැඩි කාලයක් සිංගප්පූරුවේ නායකයා ලෙස ලී මහතා සිය සලකුණ තබා මෙලෙස අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.