මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් නිලධාරින් 15 දෙනෙකුට ඉන්දියාවේ දී සිව් දින පුහුණුවක් ලබා දී ඇත.

මෙම වැඩමුළුව නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අදාළ පුහුණු වැඩසටහන මැයි 9 වැනිදා සිට 13 දක්වා පවත්වා ඇත.

“දැනුම ප්‍රවර්ධනය කිරීම” සහ “අන්තර්ජාතික අධිකරණ ආයතන සමඟ සහයෝගීතාවය වර්ධනය කිරීම” සඳහා වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුහුණු මධ්‍යස්ථානය විසින් මෙය සංවිධාන කර ඇත.

මේ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ සහාය ලබා දී ඇත්තේ, ඉන්දියාවේ අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචුඩ් මහතා විසිනි. මෙම වැඩසටහනේ දී විද්‍යුත් උසාවි ව්‍යාපෘතිය, පුස්තකාලය සහ ගොනුකිරීම, ලැයිස්තුගත කිරීම, පරීක්ෂා කිරීම, ස්කෑන් කිරීම සහ වාර්තා තබාගැනීම වැනි අධිකරණ ක්‍රියාවලීන් ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තාක්ෂණික හා ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිතයින් සඳහා පුහුණුව ලබා දී තිබේ.

නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරුන් විසින් මෙම ක්‍රියාවලි සහ පද්ධති පිළිබඳ මෙරට නියෝජිතයින්ට පැහැදිලි කර ඇත.
ඉන් දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවයක් සහ අධිකරණ විශිෂ්ටත්වය හා තාක්‍ෂණික නවෝත්පාදනය සඳහා අන්‍යෝන්‍ය කැපවීම පිළිබඳ සාක්ෂියක් බවයි නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Share.

Comments are closed.