මෙරටින් වාර්තා වන අධි රුධිර පීඩන සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරිල් බාලසිංහ මහත්මිය පවසයි.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වයස අවුරුදු 18ත් 69ත් අතර පුද්ගලයින්ගෙන් සිදුකළ සමීක්ෂණයකදී අධි රුධිර පීඩනය ඉහල මට්ටමේ සිටින රෝගීන් සියයට 35ක් වාර්තා වී ඇත.

දිනකට පුද්ගලයෙක් ගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ක් වන නමුත් පුද්ගලයෙක් දවසකට ලුණු ග්‍රෑම් 14.2 ආහරයට ගන්නා බව සමීක්ෂණයකින් හෙළිවී තිබෙන බව ඇය සඳහන් කලාය.

සෞඛ්‍යමත් ආහාර ගැනීම, ලුණු භාවිතය අඩු කිරීම, ශාරීරික ක්‍රියාශිලී බව වැඩි කිරීම, මානසික ආතතිය අඩු කරගන්න පියවර ගැනීම මෙන්ම දුම්කොළ සහ මධ්‍යසාර භාවිතයෙන් වැළකීම රුධිර පීඩනය වැඩි වීමේ අවදානම වළක්වා ගැනීම වැදගත් බව වැඩිදුරටත් ඇය පැවසීය.

Share.

Comments are closed.