ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (18) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි. 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමූහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේදී පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වැනිදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

සිය දෙදින නිල සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කිරීමට සැලසුම් කර ඇත.

Share.

Comments are closed.