Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේදී ගණුදෙනු කිරීමට නව ක්‍රමයක්
Sri Lankan news

ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේදී ගණුදෙනු කිරීමට නව ක්‍රමයක්

kumudikaBy kumudikaMay 18, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංචාර හෝ රැකියා සඳහා මෙරටට පැමිණෙන ඉන්දියානුවන්ට ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් පුළුල් කරමින් ඉන්දියාවේ ෆෝන්පේ සමාගම හා ශ්‍රී ලංකාවේ LankaPay සමාගම් අතර එකඟතා ගිවිසුමකට පසුගිය දා එළැඹිණි.

ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව හඳුන්වාදුන් ගෙවීම් පියවීම් පිළිබඳ ජංගම දුරකතන යෙදුමක් වන UPI හරහා බැංකු ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමට මේ වනවිට අවස්ථාව සැලසී ඇත. 

එම අවකාශය තවදුරටත් පුළුල් කරමින් ලංකා QR පද්ධතිය හරහා ෆෝන්පේ යෙදුම භාවිත කරමින් ගෙවීම් කිරීමට අවශ්‍ය පහසුකම් එම එකඟතාව සමඟ ඇති වේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සඳහන් කලේ,

”ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඵෙතිහාසික, සංස්කෘතික හා භාෂාමය වශයෙන් එකිනෙකට බැදී ඇති ජාතීන් දෙකක්. එමගින් අප දෙරටේ ආර්ථිකයන් එකිනෙකට සම්බන්ධවෙලා තිබෙන්නේ. අපේ ජනතාව වගේම අපේ අභිලාෂයන්. මේ සියලු අභිලාෂයන් ශක්තිමත් කරගැනීම සඳහා අපි මාර්ග සිතියමක් ඇති කරගෙන තිබෙනවා ආර්ථික වර්ධනය හා සෞභ්‍යයේ ප්‍රතිඵල බෙදා හදා ගැනීම සඳහා. අපි මේ සබඳතාව ගුවන් මාර්ගවලට අදාළව වැඩි වෙමින් තිබෙනවා. ඒ වගේම බෝට්ටු සේවාව හරහා අපේ සබඳතා වැඩි දියුණු වෙමින් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව හා ඉන්දියාව බලශක්ති ක්ෂේත්‍රයේ අතින් සම්බන්ධ කරගැනීම සඳහා වූ කොරිඩෝවක් නිර්මාණය කරගැනීමට එක්ව වැඩ කරනවා. ගොඩබිම් සබඳතා කොරිඩෝව තමයි අනෙක් වැදගත්ම එළැඹුම. එමගින් අප දෙරටේ ජනතාවට අපේ ආර්ථිකය එකිනෙකට සම්බන්ධ වීම අනෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්කරගන්න පුළුවන්” 

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙහිදී නව ඩිජිටල් ගනුදෙනු අවකාශයේ වැදගත්කම පැහැදිලි කරමින් පැවසුවේ,

”QR ඛේතය හරහා කෙරෙන මේ ගනුදෙනු ඉතා පහසු බැවින් ඒ පිළිබඳ ආකර්ෂණයක් ඇතිවෙනවා. එදිනෙදා මිලදීගැනීම් සඳහා මේ තාක්ෂණය යොදා ගත හැකියි. සාමාන්‍ය වෙළෙඳසැල්වලින් වගේම අවහන්හල්වලදී මෙන්ම ගමනාගමන වියදම් සඳහා දැනටමත් සංචාරක ව්‍යාපාරයට මේක යොදා ගැනෙනවා. මේ සබඳතාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතීන් වැළඳගැනීම ශ්‍රී ලංකාව තබා ඇති පියවරේ මංසන්ධියක්. සිල්ලර මිලදී ගැනීමට අදාලව දේශසීමා ගනුදෙනු සඳහා මේ පහසුකම ලබා ගන්න පුළුවන්. අපි කවුරුත් හොදාකාරවම දන්නවා දේශසීමා අතර ගෙවීම්වලදී තියන අභියෝග. ඒකෙදී විවිධ වංචා වෙනවා, ආරක්ෂක ගැටලු පැන නගිනවා. මහබැංකුව විදිහට අපි මේ එළැඹුම දිරිමත් කරනවා වගේම ඊට අදාළ නියාමන මාර්ගෝපදේශ හඳුන්වා දෙමින් ඒවා ක්‍රියාක්මක කිරීමට සූදානම්. දේශසීමා අතර පියවීම් සම්බන්ධයෙන් මතුවන අභියෝග ජයගන්න මේක හොඳ මෙවලමක් ”

මෙම ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේදී ඉන්දියානුවෙකු කරන ගෙවීම් ඉන්දීය රුපියල්වලින් පියවෙන අතර, අදාළ විනිමය අනුපාතිකය කොතෙක්ද යන වග එම ගෙවීම් කරන තැනැත්තාට ඒ අවස්ථාවේදීම තහවුරු වේ.

ඉන්දියානුවෙකු එලෙස ඉන්දීය රුපියල්වලින් ගෙවීම් කළද, අදාළ ගනුදෙනුවේ මෙරට පාර්ශ්වකරුගේ ගිණුමට මුදල් බැරවන්නේ ශ්‍රී ලංකා රුපියල්වලිනි.

LankaPay ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා කියා සිටියේ

“අපි දකින ගැටලුව තමයි රට ඇතුළේ සංසරණය වෙන මුදල් වලින් 76%ක් මුදල් විදිහට ජනතාවගේ පසුම්බිවලින් මෙට්ටේ යට තියෙනවා. මේ අලුත් ක්‍රමවේදයෙන් අපිට අවස්ථාව ලැබෙනවා මේවා මුදල් ආර්ථිකයකට ඇදගන්න. අපි නවීන තාක්ෂණය සමග අත්වැල්බැදගෙන බැංකු මූල්‍ය අංශය හා වෙළෙඳ ප්‍රජාව එකට වැඩ කළොත් අපිට මේ මුදල් ආර්ථිකය ඩිජිටල්කරණයට ලක් කරගත හැකියි. ජනතාව අතේ ගැවසෙන රුපියල් බිලියන 900ක් පමණ වන මේ මුදල් එහෙම ඇදගන්න පුළුවන් වුණොත් ඒක ආර්ථික වර්ධනය සඳහා වන දැවැන්ත පියවරක් වනවා”  

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආසියාවේ බලවත් පුද්ගල ලැයිස්තුවට ලංකාවේ ඩිනාරාත් එක් වෙයි
Next Article ඉන්දියානු ගුවන් යානයක ගින්නක් ඇතැයි සැකයක්
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.