තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 15 වැනි සැමරුම, අද (19) පස්වරුවේ පැවැත්වේ.

බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී  මෙම උළෙල පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයට ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුලු රණවිරුවන් සහභාගී වනු ඇත.

යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එම අවස්ථාවට එක්වීමට නියමිතය.
මේ අතර 15 වැනි ජාතික රණවිරු දිනයට සමගාමීව නාවික හමුදාවේ නාවිකයන් 3146 කට උසස්වීම් ලබාදී ඇත.

ඒ සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යටත්ව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසිනි.

Share.

Comments are closed.