ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එරට උත්තරීතර නායකයා වන අයතොල්ලා අලි ඛමෙනී විසින් මෙම ශෝක කාලය නිකුත් කර තිබේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු කණ්ඩායමේ වියෝව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 131 වැනි වගන්තියට ප්‍රකාරව නියෝජ්‍ය ජනාධිපති මොහොමඩ් මුකර් පත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
දින 50ක් ඇතුළත නව ජනාධිපතිවරයෙකු පත් කරගන්නා ලෙසට අයතොල්ලා අලි ඛමෙනී විසින් උපදෙස් ලබා දී ඇත.

Share.

Comments are closed.