එමීර් රාජ්‍යයේ වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් විසින් සංවිධානය කරන Project Blueprint හි දෙවෙනි අදියරේ පුද්ගල සංවර්ධන වැඩමුළුව 2024 මැයි 25 වන දින Novotel Al Barsha හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
පුද්ගලික සංවර්ධනය තුළින් වෘත්තිකයන්  සවිබල ගැන්වීම යන තේමාව යටතේ පැවැත් වීමට නියමිත මෙම වැඩමුළුව හරහා කලාපයේ වෘත්තිකයන් සවිබල ගැන්වීම, පුද්ගල සංවර්ධනය සහ ප්‍රජා සහයෝගය ඇතුලු සමගාමී අංශ පිලිබඳ විවෘත කතිකාවතක් නිර්මාණය කරයි.

මේ සඳහා සහභාගිවන්නන්ට සම්භාවනීය දේශක මඩුල්ලකගේ විවිධාංගීකරණය වූ දේශන කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව හිමි වන බව සඳහන්ය. මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත දෙසුම, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක Farveez Maharoof මහතා විසින් සිදු කිරීමට නියමිත අතර මීට සමගාමී දේශන පැවැත්වීමට
• Dr. Sangeeth Ibrahim මහතා – Behavioural Psychologist
• ලක්නා අමරසිරි ගොඩහේන මෙනවිය – Principle of Korn Ferry
• Manish Misra මහතා – HR Transformation Leader
• Marilyn Lydoa Pinto මහත්මිය –  “Finance Education ” ග්‍රන්ථ කතුවර
• ආචාර්ය David Muller – Corporate Etiquette Coach
•  Shuaib Jabbar මහතා – Certified Life Coach
යන මහත්ම මහත්මීන් සහභාගී වීමට නියමිතය.

මෙම දෙවන වැඩමුළුව සඳහා එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න සහ එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර යන මහත්වරුන්ද දේශන පවත්වනු ඇත.
Ashan Musafer මහතා සහ Istiaq Raziq මහතාගේ නායකත්වය යටතේ මෙම වැඩසටහන දියත් කෙරේ. එමීර් රාජ්‍යයේ වෙසෙන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මෙම වැඩමුළුව සඳහා සහභාගී විය හැකි අතර සියල්ලන්ටම දැරිය හැකි අවම ප්‍රවේශ ගාස්තුවක් මේ සඳහා අය කෙරෙන බව සඳහන්ය.

වැඩි විස්තර සහ ලියාපදිංචි වීමේ විස්තර සඳහා එමීර් රාජ්‍යයේ වෙස්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංවිධානයේ සභාපති තිනේශ්වරන් මහතා හා සම්බන්ධ වන්න.

Share.

Comments are closed.