2024 වසරේ මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගී වීමට නියමිත 3,500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිස අතරින් 68 දෙනෙකුගෙන් යුත් පළමු ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් පිරිස අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබිය බලා පිටත්ව ගියහ .

එයින් 34 දෙනෙකු ඉස්ලාම් භක්තික කාන්තාවන් වූ අතර ඉතිරි 34 දෙනා ඉස්ලාම් භක්තික පිරිමි වන්දනාකරුවන් වූහ .
මොවුන්ගේ පිටත්ව යාම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී උත්සවයක් පැවති අතර ඒ සදහා බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක , ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමඩ් අල් – කන්තානි ( Khaled Hammoud Al – Kahtani ) , ශ්‍රී ලංකා හජ් කමිටුවේ සභාපති ඊබ්‍රාහිම් සාහිබ් අන්සාර් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

මෙම වන්දනාකරුවන් පිරිස අද (21)  අලුයම 05.15 ට එයාර් ඇරබියා ගුවන් සේවයේ ජී. 9503 දරණ ගුවන් යානයෙන් මක්කම බලා පිටත් වූහ.
ඔවුන් දින 32 ක කාලයක් මක්කම වන්දනා කිරීමෙන් අනතුරුව යළි ජුනි මස 22 දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .

Share.

Comments are closed.