Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඖෂධ මිල නියාමනය යටතේ තවත් ඖෂධ 50 කට උපරිම මිලක්
Sri Lankan news

ඖෂධ මිල නියාමනය යටතේ තවත් ඖෂධ 50 කට උපරිම මිලක්

kumudikaBy kumudikaMay 22, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තවත් ඖෂධ 50කට උපරිම මිලක් නියම කිරීමේ ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

මීට පෙර ඖෂධ 60ක මිල පාලනයක් සිදු කළ අතර තවත් ඖෂධ 50ක් එකතු වූ විට මිල පාලනයක් සිදු වන ඖෂධ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ යන බව සඳහන් වේ. ප්‍රමිතියෙන් යුක්ත ගුණාත්මක ඖෂධ රෝගීන්ට ලබාදීම සිදු කරන බවත් ඒ මහතා පැවසුවේය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ඊයේ (21) කියා සිටියේය. පසුගිය කාලයේ සිදු වූ ඖෂධ ගැටලු දැන් සිදු නොවන බවත් ඒ සඳහා අවශ්‍ය පියවර අධිකාරියෙන් ගෙන ඇති බවත් ඒ මහතා පැවසුවේය. දෙසැම්බර් අවසන් වන විට නව ඖෂධ ලියාපදිංචි වීම් 7500ක් පැවැති අතර එය මේ වන විට 3500ක් දක්වා අවම කර ඇති බවත් පසුගිය ඔක්තෝබර් මාසයේ, මසකට 57ක් පමණ වූ ඖෂධ ලියාපදිංචිය මේ වන විට මසකට 1000ක් දක්වා ඉහළ නංවා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඖෂධ ගෙන්වීම සඳහා වන සහතිකපත් නිකුත් කිරීම රජයේ මුද්‍රණාලය සමඟ එක්ව සිදු කිරීමට පියවර ගෙන ඇති බවද එම සහතිකපත්‍රය ව්‍යාජ ලෙස සකස් කිරීමට නොහැකි ලෙස සකස් කරන බවත් හෙතෙම අවධාරණය කලේය. එම සහතික පත්‍රය සඳහා නියාමන අධිකාරියට අනන්‍ය වූ ස්ටිකරයක් ඇළවීමට ක්‍රියා කරන්නේ යැයි ද ඒ මහතා පැවසුවේය.

මෙම ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම ඔස්සේ හොර පාරෙන් ගෙන්වන ඖෂධ නැවැත්වීම සිදු කරන බවත් මේ වන විට ජනතාවට ප්‍රමිතියෙන් යුක්ත ගුණාත්මක ඖෂධ ලැබීම සිදු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ වෙස්ලි විද්‍යාලයීය ආදි සිසුන්ගේ Project Blueprint හි 2 අදියර මැයි 25 දා
Next Article කොළඹ වරාය නගරයේ ආයෝජනයට අවස්ථා
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.