Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉරාන ජනපති වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය
Sri Lankan news

ඉරාන ජනපති වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය

kumudikaBy kumudikaMay 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. ඒ අනුව කටයුතු ආරම්භයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ‘ඊබ්‍රාහිම් රයිසි’ ඇතුළු පිරිස වෙනුවෙන් සිය ශෝකය පළ කලේය.

ඉස්ලාම් ධර්මය අනුව ඔවුන් සියළු දෙනාට ස්වර්ගයේ දොරටු විවර වේවා යැයි ප්‍රාර්ථනා කරන බවද විපක්ෂනායකවරයා එහිදී කියා සිටියේය.
ඉන් පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුව අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිහිපත් කරමින් මැති ඇමතිවරු ඇතුළු සියළු දෙනා විනාඩියක පමණ නිශ්ශබ්දතාවක නිරත වූහ.

මේ අතර අද (22) දිනයේ ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ‘ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම සඳහා සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව ශ්‍රී ලංකා ආයෝජන කලාප ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායීතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම සඳහාද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ පනත් කෙටුම්පතකැයි එහි සඳහන් වේ.

දැනට ගැසට් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කර ආර්ථික කොමිෂන් සභාවක් ඇතුලු ආයතන 5ක් පිහිටුවීමට යෝජිතය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅල් ඛයිල් සහ UAE Exchange Stationඅතර ඩුබායි මෙට්‍රෝ Red line හි සේවා බාධාවක්
Next Article National Age Group Swimming Championship තරඟාවලියේ ජයග්‍රහණ ලැබීමට එමීර් රාජ්‍යයේ ලාංකික පිහිනුම් ශූරයින් සමත් වෙති
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.