පසුගියදා ශ්‍රී ලංකාවේ පැවත් වූ National Age Group Swimming Championship තරඟාවලියේ ජයග්‍රහණ ලබා ගැනීමට එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික කණිෂ්ඨ පිහිනුම් තරඟකරුවන් තිදෙනෙක් සමත් වූහ.

ඒ අනුව ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරඟාවලියේ වයස අවුරුදු 11 න් පහල පිරිමි ඉසව්වෙන් දක්ෂතම පිහිනුම්කරු ලෙස ශූරතාවය දිනා ගැනීමට ධරිෂ් සදීශ්ට හැකි වුනා. ඔහුට එම තරඟ ඉසව්වෙන් රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කමක් හිමිව තිබේ. කුවිනි සූරියාරච්චි වයස අවුරුදු 11 න් පහල කාන්තා තරඟ ඉසව්වෙන් රන් පදක්කම් දෙකක් සමඟින් රිදී පදක්කමක් දිනා ගත්තාය.

කදීර් රුශ්ඩි වයස අවුරුදු 13 න් පහල පිරිමි පිහිනුම් ඉසව්වට තරඟ වැදුනු අතර එහිදී රිදී පදක්කමක් සමඟින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා. මෙම පිහිනුම් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් එමීර් රාජ්‍යයේ පිහිටි cyclone swimming academy හි ප්‍රවීණ පුහුණුවකරුවන් යටතේ පුහුණුව ලබන බව සඳහන්‍ ය. එමීර් රාජ්‍යයේ වෙසෙන පිහිනුම් ක්‍රීඩාවේ නිරත ලාංකික දරු දැරියන්ට, ශ්‍රී ලංකාවේ පිහිනුම් තරඟ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා Cyclone swimming academy ය සමඟ ලියාපදිංචි වී ශ්‍රී ලංකාවේ පවත්වන ජාතික පිහිනුම් තරඟ සඳහා සහභාගී වීමේ අවස්ථාව උදා කර ගත හැකි බවද වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.