බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු මෙවර බ්‍රිතාන්‍යයේ මාස්ටර් චෙෆ් තරගාවලියෙන් ජය හිමි කර ගෙන ඇත. පශු වෛද්‍යවරයෙකු ලෙස සේවයේ නියුතු බ්‍රින් ප්‍රතාපන් නැමැති ශ්‍රී ලාංකික තරුණයෙක් වන ඔහුට බී බී සී වන් හි (BBC One) විනිසුරුවරුන් වන ජෝන් ටොරෝඩ් සහ ග්‍රෙග් වොලස් විසින් මාස්ටර්චෙෆ් කුසලානය පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ පවතින විශාලතම ඉවුම් පිහුම් වැඩසටහනක් වන මාස්ටර් චෙෆ් තරගාවලියේ 20 වන අදියරේ ජයග්‍රාහකයා බවට බ්‍රින් ප්‍රතාපන් මේ අනුව පත්විණි.

‌මෙතෙක් කල් මාස්ටර් චෙෆ් ඉතිහාසය තුල සිදු වූ වෙනස්ම ජයග්‍රහණයක් ලෙස මෙය සැලකෙන අතර මෙම ශ්‍රී ලාංකිකයා අනෙක් තරගකරුවන්ට අභියෝගාත්මක තරඟකරුවෙකු වූ බව සඳහන් ය.
සති අටක විශාල අභියෝගාත්මක ඉසව්වලින් පසු තවත් සූපවේදීන් 57 දෙනෙකු පරදා ජය ගත් බ්‍රින් ප්‍රතාපන් මාස්ටර් චෙෆ් තරගාවලියක ශ්‍රී ලාංකිකයෙක් ලැබූ දැවැන්තම ජය සමඟ වාර්තා අතරට එක් වේ.
බ්‍රින් අසාමාන්‍ය කෝකියෙක් සහ පුදුම සහගත දක්ෂයෙකු බව මාස්ටර් චෙෆ් විනිසුරු ජෝන් ටොරෝඩ් ප්‍රකාශ කලේය.
එමෙන්ම මාස්ටර් චෙෆ් විනිසුරු ග්‍රෙග් වොලස් සඳහන් කර ඇත්තේ බ්‍රින් විසින් නිර්මාණය කරන ලද ආහාර තම අත්දැකීම අනුව අද්විතීය මෙන්ම මෙතෙක් දැක ඇති විශිෂ්ට දක්ෂතාවලින් එකක් වන බවය.

Share.

Comments are closed.