Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ප්‍රහාර වහාම නවතන්න  – ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝග
World news

ප්‍රහාර වහාම නවතන්න  – ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝග

kumudikaBy kumudikaMay 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය  ඊශ්‍රායලයට නියෝග කළේය. රෆා නගරයේ ඊජිප්තු දේශසීමා පිවිසුම් මාර්ගය විවෘත කර ජීවිතාරක්ෂක ආධාර ගාසා තීරයට ඇතුල්වීමට ඉඩ සලසා දෙන ලෙසද ජාත්‍යන්තර අධිකරණය නියෝගයේ දැක්වේ.

නමුත් ඊශ්‍රායලය මෙම නියෝගයට අවනත වනු ඇතැයි අපේක්ෂා නොකළත් මෙම නියෝගයෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තරයේ තවත් හුදෙකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සමීපතමයන් ජාත්‍යන්තර අධිකරණය ලබාදුන් මෙම නියෝගය දැඩිව විවේචනයට ලක් කර ඇත.

නෙදන්යාහු රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයකු වන එයිලෝන් ලෙවී ප්‍රකාශ කර සිටියේ නියෝගය ප්‍රකාශයට පත් කළ පහළොස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවාෆ් සලාම් ලෙබනන ජාතිකයෙකු බවත් වැරදි නියෝගයක් ලබා දුන්නේ නම් ඔහුට ආරක්ෂිතව නැවත ලෙබනනය බලා යෑමට අවස්ථාවක් නොලැබීමට ඉඩ තිබූ බවත්ය.

පලස්තීන ජනතාව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායල හමුදා රෆා නගරයට පහර දීම නැවැත්වීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු අප්‍රිකානු නීතිඥයන් ජාත්‍යන්තර අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම වසර තුළ ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙයයි.

පහළොස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් දහතුන් දෙනකුගේ එකඟත්වයෙන් ජාත්‍යන්තර අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මෙට්‍රෝ අයහපත් කාලගුණයෙන් පසු නැවතත් සම්පූර්ණ ක්‍රියාකාරිත්වයට
Next Article Al Ain කණ්ඩායම  AFC චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් එමීර් රාජ්‍යයේ පාපන්දු සංගමයෙන් ජනාධිපතිට සුබ පැතුම්
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.