තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
එහි සඳහන් වන්නේ රීමල් සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටාවන මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමගින් තද වැසි ඇතිවිය හැකි බවය.

එසේම එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති රීමල් සුළි කුණාටුව අද (26) පෙරවරුව වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.