Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වතු කම්කරු වැටුප් පිළිබඳ ඇමති මනූෂගෙන් නිවේදනයක්
Sri Lankan news

වතු කම්කරු වැටුප් පිළිබඳ ඇමති මනූෂගෙන් නිවේදනයක්

kumudikaBy kumudikaMay 27, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන  නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (26) පැවසීය.

 කුඩා තේ වතු හිමියන් මේ වන විටත් නියම කර ඇති අවම වැටුපට වඩා වැඩි මුදලක් ගෙවන බවත් රජයට අයත්ව තිබී පුද්ගලික අංශයට පවරා ඇති ප්‍රාදේශීය වතු සමාගම්වල මෙම වැටුප් වැඩි කිරීමට අදාල ගැටලුව පවතින බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය. මෙසේ අවම වැටුප ක්‍රියාත්මක නොකරන වතු සමාගම් නැවත රජයට පවරාගෙන නිසි පරිදි ඒවා ක්‍රියාත්මක කළ හැකි අයට ලබාදීම සදහා වන මූලික පනත සකස් කිරීමේ තීරණය ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කලේය.

 ඇල්පිටිය තේ වතු කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා දායක වන පිරිස් වෙත වතු කම්කරු වැටුප ඉහළ දැමීම පිළිබඳව දැනුම් දීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශ නිකුත් කර සිටියේය.

 “වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් වතු හාම්පුතුන් සමග සාකච්ඡා වට කිහිපයක්,කම්කරු වෘත්තීය සමිති සමග රැස්වීම් වාර කිහිපයක් පවත්වා අවසානයේදී දෙපාර්ශ්වයට එකඟතාවකට එන්න බැරි වූ නිසාම අපි කම්කරු අමාත්‍යාංශය විදිහට අමාත්‍යාංශයට පැවරී ඇති බලතල ප්‍රකාරව වැටුප් පරිපාලක සභාව කැඳෙව්වා. එහිදී පළමු අවස්ථාවේ වතු හාම්පුතුන් එයට නොපැමිණි නිසා දෙවැනි සභාව කැඳවන අවස්ථාවෙදි ඔවුන් මෙම සභාවට සහභාගි නොවන බව නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ නිසා එකඟතාවයක් නැති විට ගත හැකි ක්‍රියාමාර්ගයක් විදිහට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත බලය පැවරීම හරහා අවසාන වශයෙන් පරිපාලක සභාවේ අපිට ඇති නීති ප්‍රතිපාදන අනුව ETF, EPF සහිත රුපියල් 1350 මූලික වැටුප රුපියල් 350 දීමනාව සමග රුපියල් 1700ක වැටුපක් වන ලෙස අපි යෝජනා කළා. පසුව අප්‍රේල් 30 වැනිදා මැයි 01 වැනිදා උදෑසන වන විට අපි එය ගැසට් කළා. ඒ සඳහා අදාළ පාර්ශ්වයන්ට දින 15ක කාලයක් දුන්නා විරෝධතා ගොනු කිරීමට. නමුත් කිසිම පාර්ශ්වයකින් මේ සඳහා විධිමත්, පිළිගත හැකි මට්ටමේ යෝජනාවක්, සැලැස්මක් ඉදිරිපත් නොවූ නිසා පසුගිය බ්‍රහස්පතින්දා වැටුප රුපියල් 1350 සහ දීමනාව රුපියල් 350 ලෙසින් එම ගැසට් නිවේදනය නිල වශයෙන් ස්ථිර කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව,රජය සහ කම්කරු ඇමතිවරයා ලෙස අපි කටයුතු කළා.

ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී මෙම වැටුප සම්බන්ධයෙන් හාම්පුතුන් සමග කතා කළා. ඔවුන්ගෙන් ඉල්ලීම් කළා. ජනාධිපතිවරයාට උවමනාව තිබුණා මේ තේ කර්මාන්තය නඟා සිටුවන්න. කොරෝනා කාලයේ මේ රට වැටුන සමයේදී වතු කම්කරුවන් තමන්ගේ බත් වේල, රොටිය, කහට ටික බීගන්න බැරුව විශාල කැපකිරීමක් කළා. ඒ නිසා වතු කම්කරුවන්ට දැනෙන වැටුපක් ලබා දීමට ජනාධිපතිතුමා වතු හාම්පුතුන්ට වරින් වර දැනුවත් කිරීමට යෙදුණා. නමුත්, අවසාන වශයෙන් ඔවුන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඒ නිසාම මේ වැටුප ගැන තීන්දුව අපි අරගත්තා. ඒ නිසා ඉදිරියේදී සියලු වතු හාම්පුතුන්ට සිද්ධ වෙනවා මේ අවම මූලික වැටුප ගෙවන්න.

විශේෂයෙන් අප මතක් කරන්න ඕන, කුඩා තේවතු හිමියන්, තේ කර්මාන්තශාලා හිමියන් ඉන්නවා, ඒ තැන්වල අවම මූලික වැටුප රුපියල් 1350ට වැඩියෙන් ගෙවනවා. රුපියල් 1700, 2000 ගෙවන අයත් ඉන්නවා. ඒ නිසා මේ ක්‍රමය හරියාකාරව ක්‍රියාත්මක කරන අයට මේ මුදල ප්‍රශ්නයක් නෙවෙයි. ,ETF, EPF ගෙවන්න ඕන මුදල වෙනදා 1000යි තිබුණේ. හොඳින් වැටුප් ගෙවූ කණ්ඩායම්වලට එය 1350 වීම විතරයි වෙන්නේ. නමුත්,රජයේ වතු පෞද්ගලික අංශයට බදු දීලා තියෙද්දි බදුකරු හැටියට කල් බදු සීමාවේ ඉන්න අය මේ වතුවල තියෙන ගස් ටික කපාගෙන,වෙන ව්‍යාපාර කරනවා. මේ තේ දලු ටිකෙන්,රබර් ටිකෙන් අපේ ශ්‍රමිකයාට නිසි වැටුපක් නොලැබෙන බව අද නොයෙක් තැන්වලින් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසයි මේ වැටුප් වැඩි වීම යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම ඵලදායීව වැඩි වෙන ආකාරයට එය ගෙවන්න ඉඩකඩ තියෙනවා. ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ඵලදායීතාව වැඩි කරන්නත් ඕන. ඒ සඳහාත් අපි රජයක් හැටියට සහයෝගය දක්වනවා. තමන්ගෙ අකාර්යක්ෂමතාව නිසා, ලාභ නිසියාකාරයෙන් පෙන්වන්නේ නැතුව සැඟවීම් කරමින් සේවකයින්ට ගෙවීම් කරන්නේ නැති වතු පාලකයින් ගැන අවධානය යොමු වෙලා තියෙනවා.

මේ රට ඉතා වාසනාවන්ත රටක් වන්නේ බිමටම වැටුණත් රට වැටුන වෙලාවේ ගොඩගන්න පුළුවන් නායකයා හැටියට සියලු දෙනා එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාර දුන්න. එතුම ඒ නිශ්චිත තැනට මේ රට ගෙනාවා. ඒකයි අපි කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වී එයිත් නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. එතුමා පරදින්න තරම් මේ රට අවසනාවන්ත නෑ. මේ කෙරීගෙන යන සංවර්ධන කටයුත්ත ඉස්සරහට ගෙනියන්න. මේ නැගීම ඉස්සරහට යන්න යන්න යළි නොවැටන රටක් හැටියට රට ශක්තිමත් වෙනව. එතුමා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. රට නැවත වතාවක් නොවැටෙන, ආයෙත් ඉස්සරහට යන ශක්තියයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති හැටියට පත් වෙලා ඉස්සරහට යන්නේ. අපි තීන්දු කරලා තියෙනවා ඊළඟ මාසේ ඉඳලා වැටුප් ගෙවන්න ඕන. නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන බලය කම්කරු දෙපාර්තමේන්තුවට තියෙනව.” යැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩෙංගු පිළිබඳ අනතුරු ඇඟවීමක්
Next Article උතුරටත් උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බව ජනපති අවධාරණය කරයි
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.