රීමාල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.

කුණාටුව හේතුවෙන් සිදු වූ ආපදා වලින් බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ පුද්ගලයින් 16ක් මියගොස් ඇත.
අධික වැසි සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් ද බංග්ලාදේශයට බලපෑම් එල්ල වී තිබේ.

බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවල පුද්ගලයින් ලක්ෂ 8ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කෙරුණි.
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයට ද සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

ඒ අනුව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පුද්ගලයින් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

සුළි කුණාටුවේ අවදානම තවමත් පහව ගොස් නැතැයි කාලගුණ අංශ පුරෝකථනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

Share.

Comments are closed.