ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටී.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉන් සමාගම් 2ක් විදේශීය සමාගම් වන බවයි. සෙසු සමාගම දේශීය සමාගමකි.

ඉන් එක් සමාගමක් තෝරා ගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ, ඉදිරිපත්ව ඇති සමාගම්වල තත්ත්වය අධ්‍යනය කර සුදුසු සමාගමක් තෝරාගැනීම මේ වනවිට ටෙන්ඩර් මණ්ඩලය මගින් ක්‍රියාත්මක බවය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජනය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය පසුගිය මාර්තු 05 වැනි දා අවසන් වූ අතර එය තවත් දින 45කින් දීර්ඝ කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගත්තේය.

මේ අතර අමාත්‍යවරයා පැවසුවේ, සමාගමට නව ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා ඩොලර් බිලියන 1.2 ක් පමණ වන ණය ප්‍රමාණය අඩු කිරීමේ අවශ්‍යතාවය ගනුදෙනුවට අදාළව උපදෙස් දෙන ලෝක බැංකුවේ ආයෝජන උපදේශන ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හෙවත් IFC ආයතනය උපදෙස්දී ඇති බවයි.

Share.

Comments are closed.