උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇතැම් පළා­ත්වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අම­ත­රව මේ සතියේ ඉන්දියාවේ නගර 37කට වැඩි  ප්‍රමා­ණ­යක උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 45 සීමා­වට ළඟා වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඊයේ නව­දිල්ලි අග­නු­වර උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 52.3ක අග­යක් ගත් බවත්, නග­රයේ බොහෝ ප්‍රදේ­ශ­ව­ලට දැඩි අව­දා­නම්සහ­ගත උෂ්ණ­ත්ව­යක් පව­තින බවට එරට කාල­ගුණ විද්‍යා ඒක­කය නිවේ­ද­නය කර ඇති බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ. අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් වායු­ස­මී­ක­රණ නොමැ­තිව නඩු විභාග සිදු කළ නොහැකි බව කිය­මින් නව­දිල්ලි නුවර අධි­ක­ර­ණ­යක විනි­සු­රු­ව­ර­යකු නඩු වාරය නවතා දැමූ බව ද වාර්තා වේ.

Share.

Comments are closed.