වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා සංගම් 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලන වල ලියාපදිංචිය මෙසේ අත්හිටුවා ඇති බව සඳහන්‍ ය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර ඇති බව සඳහන් වේ.

Share.

Comments are closed.