ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහක්වය මත ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් මෙහෙයවනු ලබන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ලබන ජූනි මස 14 වැනිදා ආරම්භ වේ. කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙන පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ ‘ඒ’ කොටස යටතේ කණ්ඩායම් 16ක් තරග වදින අතර, වත්මන් ලීග් ශූර බම්බලපිටිය සාන්ත පීතර විදුහල, අනුශුර කොළඹ රාජකීය විදුහල, ඉසිපතනය, සාන්ත ජෝශප්, ත්‍රිත්ව, වෙස්ලි, විද්‍යාර්ථ, සාන්ත තෝමස්, විද්‍යා විද්‍යාලය, සාන්ත අන්තෝනි, ධර්මරාජ, කිංග්ස්වුඩ්, ඩී.එස්, සහිරා, තර්ස්ටන් සහ මහනුවර සුමංගල විදුහල් ඒ අතර වේ.

තවත් පාසල් 26ක් පළමු කාණ්ඩයේ ‘බී’ සහ ‘සී’ කොටසින් තරග වදින අතර, දෙවැනි කාණ්ඩයේ තරගාවලියට කණ්ඩායම් 12ක් ද, තුන්වැනි කාණ්ඩයේ තරගාවලියට කණ්ඩායම් 30ක් ද තරග වැදීමට නියමිතය.

Share.

Comments are closed.