ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන වර්ග­වල සිල්ලර මිල ගණන් සංශෝ­ධ­නය කර තිබේ. මේ යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩු වී ඇති අතර, දෙකක මිල ගණන් වෙනස් වී නැත.

නව සංශෝ­ධන අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීට­ර­යක මිල රුපි­යල් 13කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපි­යල් 355කි. ලංකා සුදු ඩීසල් ලීට­ර­යක මිල රුපි­යල් 16කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපි­යල් 317කි.

භූමි­තෙල් මිල රුපි­යල් 13කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපි­යල් 202 කි. මේ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීට­ර­යක මිල නොවෙ­නස්ව පව­තින අතර, එහි මිල රුපි­යල් 420 ක්ව තිබේ. ලංකා සුපර් ඩීසල් ලීට­ර­යක මිලද වෙනස් වී නැති අතර, එහි මිල රුපි­යල් 377ක් ලෙසම පව­තින බව ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව නිවේ­ද­නය කර ඇත.

Share.

Comments are closed.