2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඇමරිකාව සහ කැනඩාව අතර පැවැත්විණි.

ඒ අනුව 20 – 20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟයේදීම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඇමරිකා කණ්ඩායම සමත් වූහ.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඇමරිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට කැනඩා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 194 ක් රැස් කලෝය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා කණ්ඩායම පන්දු වාර 17.4 දී කඩුළු 03 ක් දැවී ලකුණු 197 රැස් කරමින් තරඟය ජයග්‍රහණය කළේය.

Share.

Comments are closed.