ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සහ අපනයනය පහළ වැටීම හේතුවෙන් පසුගිය වසර දහයේදී රුපියල් කෝටි 51150ක පාඩුවක් සිදුවී ඇතැයි තේ  වෙළඳපොළ කරුණු අධ්‍යයනයේදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කලේය.

මෙරට ඉතිහාසයේ වැඩිම තේ නිෂ්පාදනය 2013 වර්ෂයේදී වාර්තා වූ බවත් එය මෙට්‍රික් ටොන් 34000ක් බවත් ඔහු පැවසීය. තවද තේ නිෂ්පාදනය 2015 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 328800 කින්ද, 2020 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 278489කින්ද, 2023 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 256039 කින්ද පහළ ගිය බව මහාචාර්යවරයා කියා සිටී. මීට සමගාමීව තේ අපනයනයද පහළ ගිය බව හෙතෙම සඳහන් කලේය.

ශ්‍රී ලංකාවේ තේ අපනයනය 2013 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 319700 කින්ද, 2015 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 306900කින්ද, 2020 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 265569කින්ද, 2023 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 241912 කින්ද පහළ ගිය බව අතුකෝරල මහතා කීවේය.

තේ නිෂ්පාදනය සහ අපනයනය පහළ යෑම නිසා සිදුවූ පාඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලින් සියයට 75 කට සමාන බව හෙතෙම සඳහන් කළේය. තේ අපනයනය 24% කින් පහළ ගොස් ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Share.

Comments are closed.