Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කාලගුණ ආපදා වලට ලක් වූ අයට කඩිනම් සහන දෙන්න –  ජනපතිගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට උපදෙස්
Sri Lankan news

කාලගුණ ආපදා වලට ලක් වූ අයට කඩිනම් සහන දෙන්න –  ජනපතිගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට උපදෙස්

kumudikaBy kumudikaJune 2, 2024No Comments5 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසරේ නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ වන විට රටේ උද්ගත වී ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධ පූර්ණ සැලැස්මක් හෙට දිනයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බලපෑමට ලක්ව ඇති සියලු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල අත්‍යාවශ්‍ය නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් විපතට පත්වූවන්ට සියලු සහන සැලසීම සඳහා කටයුතු කරන බව සඳහන් වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් අදීප තිලකරත්න මහතා පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ට අනුබද්ධිතව පිහිටා ඇති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් බලාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා අද (02) දහවල් පැවති සාකච්ඡාවකදී තමන් වෙත උපදෙස් ලැබුණු බවයි.

එහිදී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය උපකරණ සහ ගංවතුර තත්ත්වයන් සඳහා භාවිත කළ හැකි ඕනෑම වර්ගයේ ක්‍රියාන්විත රථයක, බෝට්ටුවක හෝ හෙලිකොප්ටර්වල දායකත්වය ලබා දීමට එකඟත්වය පළ කළ බවද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව මේ වන විට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතු වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවී සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම රැස්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරු සහභාගී වූ අතර අධි බලපෑම් සහිත දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ විය.

අනවශ්‍ය ආකාරයෙන් මාර්ගයට පැමිණිමෙන් වැළකී සිටින ලෙසත්, ගංවතුර හෝ ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වී ඇති ස්ථාන නැරඹීමෙන් වැළකී සිටීමට සහ ගංවතුර හෝ මාර්ගවල වතුර පිරි ඇති ස්ථානවල ජල ක්‍රීඩාවල නොයෙදෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මකය. එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩි අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් හඳුනාගෙන ඇති අතර එම සියලු කාර්යාලවල ආපදා සහන සේවා නිලධාරීන් අද රාත්‍රියේද පූර්ණකාලීව සේවයේ නිරත බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පවසයි.

වැඩි අවධානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කලවාන, අයගම, කිරිඇල්ල, නිවිතිගල සහ ඇහැළියගොඩ හඳුනාගෙන තිබේ. දැනට පවුල් 2574ක පුද්ගලයින් 9398 දෙනෙක් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එයින් ආරක්ෂක ස්ථාන 18ක පවුල් 528ක පුද්ගලයින් 2219 දෙනෙක් රඳවා සිටියි.
අවතැන් කඳවුරුවල සහ ඉන් බාහිරව රැදී සිටින විපතට පත්වූවන් සියලුදෙනාගේ ආහාර අවශ්‍යතා සහ සෞඛ්‍ය අවශ්‍යතා මැනවින් ඉටු කරන බවද රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කර සිටියි.

මේ අතර ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් සී.ටී. රාජකරුණා මහත්මිය පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 අතුරින් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, බද්දේගම හා ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 වෙත වැඩි අවධානමක් පවතින බවය.

මේ වන විට නෙළුව ආශ්‍රිතව බලපෑම අඩු වීගෙන යන බවද එතුමිය පෙන්වා දේ. කෙසේ වෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1348ක පුද්ගලයින් 3455ක් පීඩාවට පත්ව ඇත. මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව සිටියි. එක් ප්‍රධාන ආරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 250ක පුද්ගලයන් 608 දෙනෙක් සඳහා මේ වන විට සියලු පහසුකම් සලසා ඇතැයි වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දී තිබේ.

මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ මහතා පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 අතුරින් අතුරලිය, අකුරැස්ස සහ පිටබැද්දර දැඩි අවධානම් තත්ත්වයට පත්ව ඇති බවය.

මුලටියන, පස්ගොඩ, කොටපොල, තිහගොඩ, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද බලපෑමට ලක්ව ඇති අතර සෙසු කොට්ඨාස සුළු වශයෙන් බලපෑමට ලක්ව තිබේ. පුද්ගල මරණ 03ක් සමඟ දෙදෙනෙකු අතුරුදන්වී ඇත. මේ වන විට පවුල් 2731ක පුද්ගලයින් 10,937ක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

නිවාස හානි 150ක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථාන 05ක පවුල් 21ක පුද්ගලයන් 123 දෙනෙක් රැදෙමින් පහසුකම් ලබයි. ආපදාවට පත්වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට මේ වන විට කටයුතු කර ඇති බවත්, ඉදිරියේ දී අවශ්‍ය ඕනෑම සේවයක් ලබාදීම වෙනුවෙන් තමන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සහ ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 943ක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින අතර අවතැන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3539කි. ආරක්ෂිත ස්ථාන 30ක් මේ වන විටත් ස්ථාපිත කර ඇති අතර පවුල් 606ක පුද්ගලයින් 2274 දෙනෙක් පහසුකම් සහිතව රැදී සිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක පමණක් ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් පවුල් 1716ක පුද්ගලයන් 6839 දෙනෙක් අවතැන් වී ඇත. ආරක්ෂිත ස්ථාන 07ක් ස්ථාපිත කිරීමට ප්‍රාදේශීය ලේකම්වරු විසින් කටයුතු කර ඇති අතර ඒවායේ පවුල් 58ක පුද්ගලයන් 215 දෙනෙකු රැදී සිටින බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවැසි මැද ආපදා හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් වැසේ
Next Article ඩයමන්ඩ් ලීග් ‘ බී ‘ මලල ක්‍රීඩා තරඟයෙන් යුපුන් අවසන් මහා තරඟයට
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.