ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් ‘බී’ (Diamond League B Series) කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියේ අද (02දා) පස්වරුවේ පැවැති මීටර 100 තරගය සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එහි පළමු ස්ථානය දිනාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා වේලාවන් ප.ව. 8.36 ට පැවැති මෙම තරගය තත්පර 10.22කින් අවසන් කිරීමට යුපුන් සමත් වූයේය.
මෙම ජයග්‍රහණයත් සමග ඔහු අද රාත්‍රියේම පැවැත්වෙන මෙම තරගාවලියේ ඒ කාණ්ඩයේ මීටර 100 අවසන් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි කර ගත්තේය

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30ට ආරම්භ වන අතර, එහිදී යුපුන් 08 වැනි මං තීරුවෙන් තරඟ වැදීමට නියමිතය.

යුපුන් සමගින් ජර්මානු, ඉතාලි, ස්වීඩන, ජපාන, ඇමරිකානු ප්‍රබල ක්‍රීඩකයින් තරග කිරීමට නියමිතව ඇත.

Share.

Comments are closed.