ඉන්ධන මිල සංශෝධනයට අනුව සාමාන්‍ය ජනතාවගේ ගමන් පහසුව සලසන බස් රථ සහ අත්‍යවශ්‍ය සේවා ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි රථ සඳහා බහුල වශයෙන් භාවිත කරන ලංකා සුදු ඩීසල් මිල රුපියල් 46කින් අවසාන මිල සංශෝධන දෙකේදී අඩුවී ඇත.

අප්‍රේල් 30 වැනිදා වන විට රුපියල් 363ක් වූ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් අඩු කරනු ලැබීය. මැයි 31 වෙනිදා සිදුකළ මිල සංශෝධනයට අනුව රුපියල් 333ක් වූ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් තවදුරටත් අඩුකරනු ලැබීය. ඒ අනුව නව මිල වන්නේ රුපියල් 317කි.

අවසන් මිල සංශෝධන දෙක තුළ ඒ අනුව රුපියල් 46කින් ලංකා සුදු ඩීසල් මිල පහළ ගොස් ඇති බැවින් බස් ගාස්තු සංශෝධනයක් සිදුවනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.

Share.

Comments are closed.