ජුනි මස පළමුවන දින සිට ඊයේ (03) පස්වරුව දක්වා කාලය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදු වූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වී තිබේ.

Share.

Comments are closed.