ඉතිහාසයේ පළමුවරට මෙක්සිකෝවේ කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 61 හැවිරිදි විද්‍යාඥවරියක වූ ක්ලෝඩියා ෂීන්බෝම් එරට පළමු කාන්තා ජනාධිපති ලෙස පත් වී ඇත. ඇය 60% ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇතැයි ද සඳහන් වේ.

මෙක්සිකෝ city නුවර හිටපු නගරාධිපතිනිය වන ඇය සිය අනුශාසක වත්මන් ජනාධිපති ඇන්ඩ්‍රිස් මැනුවෙල්ගේ ධුරකාලය නිමාවට පත්වන ලබන ඔක්තෝබර් 1 වැනිදා ඇය මෙක්සිකෝවේ නව ජනපති ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද වාර්තා වේ.

වසර 200ක මෙක්සිකෝ රාජ්‍යයේ පළමු වතාවට කාන්තා ජනාධිපති ලෙස තේරී පත්වූ බවත්, එය මෙක්සිකෝවේ සියලු කාන්තාවන් ලැබූ ජයග්‍රහණයක් බවත් නිල ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර ජයග්‍රාහී දේශනාව සිදු කරමින් ඇය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ක්ලෝඩියාගේ මාපියන් දෙදෙනාම විද්‍යාඥවරුන් වන අතර, ඇය බලශක්ති ඉංජිනේරු ආචාර්ය උපාධිධාරිනියක බව ද වාර්තාවේ.

Share.

Comments are closed.