මේ වන විට ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කර තිබේ.
දින 44 ක් පුරාවට අදියර 7 ක් යටතේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වුවත්, ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවූයේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙනි.

මේ නිසා ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනමින් සිදුවන බව වාර්තා වේ.
අද (4) උදෑසන 8 ට තැපැල් ඡන්ද ගණන් කෙරුණු අතර අනෙක් ඡන්ද ගණන් කිරීම 8.30 ට ආරම්භ විය.

මේ වනවිට මැතිවරණ ප්‍රතිඵල ඉතා වේගයෙන් නිකුත් වෙමින් තිබේ. උදෑසන 8.45 වනවිට අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය, ලොක් සභාවේ ආසන 543 න්, ආසන 184 ක් දිනා සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘ඉන්දියා’ නමැති ඉන්දීය විපක්ෂ සන්ධානය දිනා සිටියේ ආසන 127 ක් හා බහුතරය සඳහා ආසන 272 ක් අවශ්‍ය වේ.

මෙවර මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය ආසන 400 ක් දිනා ගැනීම බව වැඩිදුරටත් සඳහන්ය.

Share.

Comments are closed.