ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  අඩු කිරීමට  ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

නව මිළ ගණන් අනුව  කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525ක් වේ.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712ක් වන බව සඳහන්‍ ය.

ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) සිය මිල ගණන් සංශෝධනය කල අතර ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 3,680කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් පහළ දැමූ අතර එහි නව මිල රුපියල් 1,477 කි.

Share.

Comments are closed.