ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගයේදී යුපුන් අබේකෝන් අනපේක්ෂිත ආබාධයකට ලක් වී ඇත. පැරිස් ඔලිම්පික් උලෙළට තවත් සති 8ක පමණ කාලයක් තිබියදී යුපුන් ආබාධයකට ලක්වීම ප්‍රශ්න සහගත වුවද, ඔහුගේ පාදයේ ආබාධය සම්බන්ධ පරීක්ෂණ වාර්තාව අද නිකුත්වීමට නියමිතය.

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පෙරේදා පැවැති දෙවැනි කාණ්ඩයේ තරගය තත්පර 10.22කින් නිම කිරීම හේතුවෙන් ඔහු අවසන් තරගයට සුදුසුකම් ලබා එහි ධාවනයේ යෙදෙමින් සිටියදී මෙම ආබාධ තත්ත්වය හට ගත්තේය.

පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීම උදෙසා යුපුන් අබේකොන් තරගාවලි කිහිපයකට සහභාගීවීමට නියමිතව සිටියදී මෙම ආබාධය ඇති වූ බව වාර්තා වේ.

Share.

Comments are closed.