ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය සඳහන් කළේ ඒ හේතුවෙන් ජලය තුළ බැස සිදු කරන කටයුතු වඩා විමසිලිමත්ව කළ යුුතු බවයි.

ගංවතුර තත්ත්වයන් පවතින ප්‍රදේශවල ජනතාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැකි බැවින් හැකිතාක් ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතු බවයි.

මේ අතර යම් කිසි පුද්ගලයකුට ශරීරයේ යම් අපහසුතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ 1999 කෙටි දුරකතන අංකය අමතන ලෙස ද ඇය වැඩිදුරටත් සඳහන් කලාය.

Share.

Comments are closed.