එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛතම භාණ්ඩ ප්‍රවාහන සේවා නියෝජිතයා වන Frico cargo ආයතනය සිය නවතම ශාඛාව Satwa නගරයේදී පසුගියදා විවෘත කලේය. එමීර් රාජ්‍යයේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් ශාඛා ජාලයක් සහිත Frico cargo ආයතනය 41 වසරක් පුරා එමීර් රාජ්‍යය තුල අඛණ්ඩ සේවාවක් සපයනු ලබයි.

නව ශාඛාවේ විවෘත කිරීමේ කටයුතු ඩුබායි හි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

Share.

Comments are closed.